සෙත්කවි සාදවා ගැනීමේ විස්තර පත්‍රිකාව

නිවාස දෝෂ පරීක්ෂා කරවා ගැනීමට
සාම්ප්‍රදායික ගතානුගතික ක්‍රමවේදයන්ගෙන් බැහැරව නූතන ලෝකයට ගැලපෙන ආකාරයෙන් ඔබේ නිවසේ ඇති දෝෂ හදුනා ගැනීම සහ ඒ සදහා පිළියම් යොදා ගැනීමට අප හා සම්බන්ධ වන්න.
Rs5000.00
නව නිවසක් ඉදිකිරීමට යාමේදී නිවාස සැලසුම් ශිල්පියා විසින් සකස් කර දෙනු ලැබූ නිවාස සැලැස්ම වාස්තු විද්‍යානුකූල ද නැද්ද යන වග පරීක්ෂා කර බලා නිවස ඉදිකිරීමට කටයුතු කිරීම ඉතාමත් යෝග්‍ය බව සංසමන ජ්‍යොතිෂ සේවය යන අප විසින් ලද අත්දැකීම් ඔස්සේ ඔබට පැවසීමට කැමැත්තෙමු. ඒ මන්ද යත් බොහෝ අය විසින් නිවසේ වාස්තු පරීක්ෂාව සිදු කිරීමට කටයුතු කරනු ලබන්නේ නිවස ඉදිකිරීමෙන් පසු වීමයි. ඒ අනුව නිවස පරීක්ෂා කිරීමේදී එහි ඇති අඩුපාඩු ඇතොත් ඒවා මග හරවා ගැනීමට නැවත පිරිවැයක් දැරීමට සිදුවෙයි.
සංසමන ජ්‍යොතිෂ සේවය යන අප විසින් නිවාස පරීක්ෂා කිරීමේදී යල්පැන ගිය ගතානුගතික සාම්ප්‍රදායික ක්‍රමවේදයන්ගේ බැහැරව නූතන සමාජයට ගැලපෙන ආකාරයෙන් ඔබ විසින් නිර්මාණය කරන්නට යෙදෙන හෝ දැනටමත් නිර්මාණය කර ඇති තනි නිවාස, තට්ටු නිවාස, නිවාස සංකීර්ණ පරීක්ෂා කර බලා ඒවායේ පවතින අඩුපාඩු සහ දෝෂ පිළිබද ඉතා විද්‍යානුකූල පදනමක් යටතේ ඔබ දැනුවත් කරමින් ඉතාමත් අඩු පිරිවැයක් යටතේ එම දෝෂ මග හරවා ගැනීමට ගත යුතු ක්‍රියාමාර්ග පිළිබද ඔබට කියා දෙනු ලබයි.
ඒ අනුව නිවසට ලැබෙන හිරු එළිය, වාතාශ්‍රය ඇතුලු වීම, ගලා යාම හා පිටිවීම, බල කේන්ද්‍රය, විභව ශක්තීන් හා නිවසේ සැකැස්මෙහි ශක්තිය ගමන් කරන්නා වූ ආකාරය. එම ශක්ති ප්‍රභවයන් නිවසේ ජීවත් වන්නා වූ අයට බලපාන්නා වූ ආකාරයන් ආදී කරුණු විද්‍යාත්මක පසුබිමයක් යටතේ ඔබ දැනුවත් කරනු ලබයි.
සංසමන ජ්‍යොතිෂ සේවය විසින් නිවාස පරීක්ෂාව සදහා කරනු ලබන අයකිරීම ප්‍රදේශය සහ අවස්ථාව අනුව වෙනස් විය හැකි අතර එම අයකිරීම රු. 5,000.00 සිට රු. 25,000.00 දක්වා අගයක් විය හැක.
