සෙත්කවි සාදවා ගැනීමේ විස්තර පත්‍රිකාව

පුද්ගල හා ව්‍යාපාර නාමකරණය
ඔබගේ අලුත උපන් දරුවාට ඝණ, යෝනි, ශබ්ද හා අර්ථ පදනම් කරගනිමින් වර්තමානයට ගැලපෙන්නා වූ නිවැරදි නමක් ලබා ගැනීමටත්, ව්‍යාපාර දියුණුව සදහා විශේෂ වූත් වර්තමාන ඩිජිටත් ආර්ථිකයට උචිත වූත් නාමයක් ලබා ගැනීම සදහාත් අප හා සම්බන්ධ වන්න.
Rs1000.00
ජෝතිශ්‍ය ට අනුව අලුත උපන් බිළිදාට නම් තැබීම ඈත අතීතයේ පටන්ම පැවත ආ චාරිත්‍රයකී. සිද්ධාර්ථ කුමරු උපන් මොහොතේ මේ වෙනුවෙන් උළෙලක් සූදානම් කිරීමි හොදම උදාහරණයකි. ජ්‍යෝතිෂ ශාස්ත්‍රයට අනුව එදින කුමරුට සිද්ධාර්ථ ගෞතම යයි තැබීය. නම් තැබීම පුද්ගල ජීවිතයේ වැදගත්ම අවස්තාවක් බව පෙන්වා දෙන්නටද උත්සවය උදාහරණ සපයයි. එය අවශ්‍ය වන්නේ කෙනෙකු හදුනාගැනීමටය. එහෙත් ඒ නිසාම අර්ත විරහිත නොගැලපෙන නමක් හෝ ජනප්‍රිය නමක් දැමීම සුදුසු නැත.
එම නිසා දරුවාට යොදන නම අර්ථවත් , වර්තමාන සමාජයට ගැලපෙන, දරුවාගේ නම නිතර නිතර කියවන විට එය දරුවාට යහපත් වන නමක් විය යුතුය.
ව්‍යාපාර නාමකරණයෙහි ද මූලික පරමාර්ථය වන්නේ අර්ථ, ශබ්ද පදනම් කර ගනිමින් නිතර නිතර කියවන විට එය මනුස්ස සමාජය තුල මුල් බැසගත් නමක් වශයෙන් ප්‍රචලිත කර ගැනීමයි. එය ව්‍යාපාරයේ දියුණුව කෙරෙහි ඉමහත් ලෙස බලපානු ලබයි.
