Exclusive discounts on astrology services today!

සෙත්කවි සාදවා ගැනීමේ විස්තර පත්‍රිකාව

මල්වර නැකැත් පෙළ සාදවා ගැනීමට

මල්වර වීම යනු ගැහැණු දරුවකු වැඩිවියට පත්වීමයි. නැතහොත් ගැහැණු දරුවෙකුගේ ඔසප් චක්‍රයෙහි ආරම්භයයි. ශ්‍රී ලාංකීය සංස්කෘතිය තුළ ඉතා ඈත අතීතයේ සිට පැවත එන මල්වර වීමේ චාරිත්‍රයට යොදා ගන්නා වූ නැකැත් පෙළ සාදවා ගැනීමට අප හා සම්බන්ධ වන්න.

Rs5000.00

ශ්‍රී ලාංකීය ජන සමාජය තුල ඉතා ඈත අතීතයේ පටන් උත්සවාකාරයෙන් සමරන්නට යෙදුනා වූ මෙම මල්වර වීමේ චාරිත්‍රය වර්තමානය වන විට නොයෙකුත් වෙනස් වීම් වලට භාජනය වූව ද අද දක්වා පැවත එන්නා වූ සංස්කෘතික අංගයකි.

ජ්‍යොතිෂ ශාස්ත්‍රයට අනුව මල්වර වීම සිදු වූ වේලාව, දිනය හා ස්ථානය අනුව ශුභ හෝ අශුභ වශයෙන් පෙන්වා දිය හැකි කරුණු ගණනාවක් දැක්වෙන අතරම අශුභයක් පවතින්නේ නම් එම අශුභ මග හරවා ගැනීමට ගතයුතු ක්‍රියාමාර්ග සමුදායක්ද ඇත. ඉන් මූලිකම අංගයක් වශයෙන් පෙන්වා දෙනු ලබන්නේ ඒ සදහා යොදා ගන්නා වූ නැකැත් පෙළයි.

සුදුසු වේලාවක් අනුව සුදුසු ස්ථානයක් තෝරා ගනිමින් දරුවා නැහැවීම සිදු කරන අතර ඒ සදහා අතීතයේදී රෙදි නැන්දා නම් වූ කාන්තාවක් මුල් වූ අතර එම අංගය මේ වන විට අප අතරින් ගිලිහී ගොස් ඇති බැවින් බොහෝ විට දරුවාගේ මව විසින් දරුවා නහවනු ලබයි.

ඔබ උත්සවයක් ආකාරයට එම අවස්ථාව සමරන්නට බලාපොරෝත්තු වන අයෙක් නම් එම අවස්ථාව නිවසකදී හෝ උත්සව ශාලාවක ගැනීමට බලාපොරොත්තු වන්නේ නම් දරුවා ආරක්ෂා කර ගනිමින් දරුවාට කිසිදු පීඩාවක් සිදු නොවන ආකාරයෙන් ඒ සදහා ගත යුතු ක්‍රියා මාර්ග පිළිබද පැහැදිලි වූත් නිවැරදි වූත් මග පෙන්වීමක් අප විසින් සිදු කරනු ලබයි.