සෙත්කවි සාදවා ගැනීමේ විස්තර පත්‍රිකාව

සෙත්කවි සාදවා ගැනීමට
නිතර භාවිතා නොකළ යුතු ඉතා දුෂ්කර වූ අවස්ථාවන්හීදී පමණක් භාවිතා කළ යුතු මහා බල සම්පන්න සෙත්කවි මාලාවක් සාදවා ගැනීම සදහා අප හා සම්බන්ධ වන්න.
Rs2000.00
අපට දුක් කරදර, ලෙඩ රෝග ආදිය ඇති වන්නේ අප පෙර බවයන්හි කළ අකුසල කර්ම පදනම් කරගෙනය. එම අකුසල කර්ම වල විපාක අපට අපල ලෙස පලදෙනු ඇත. මෙම අපල අපට ජීවිතයේ සෑම කලකදීම ඵල නොදෙන අතර ජීවන ගමන තුළ යම් යම් ස්ථාන වලදී ඵල දීම සිදුවේ. එම පලදෙන කාල වකවානු ජන්මියකුගේ කේන්දරය තුළින් මැනවින් පෙන්නුම් කරයි. කේන්දරය තුළින් පෙන්නුම් කරන අපලය තදබල නම් ඉෂ්ට කවියක් හෙවත් සෙත් කවියක් නිසා සෙත් පැතීම අනිවාර්ය ක්‍රියාවකි. සෙත් කවිය මහා බලගතු ශබ්ද ශාස්ත්‍රයේ කොටසක් වන අතර ජ්‍යොතිෂයේ තවත් එක් වටිනා අංගයකි.
සෙත් කවියක් නිර්මාණය කිරීමේදී ඒ හා බැඳුණු අනිවාර්ය අංග ගණනාවක් පවතී. දේව බලය, ප්‍රජා බලය, නැකැත් බලය, යෝනි බලය, පංච පක්‍ෂි බලය, පංච භූත බලය, ගන බලය, අක්‍ෂර බලය එම අනිවාර්ය අංග වේ.
