Exclusive discounts on astrology services today!

ශිව දෙවියන්

දැක තිබුණ ද, විමසීමට ලක් නොකළ, ශිව දේව ප්‍රතිමාවෙහි ලක්ෂණ

GODS

11/12/2025

තෙවන ඇස: ශිව දෙවියන් තුන්වන ඇසකින් නිරූපණය කර ඇත. විවර කල විට ගිනි ජාලාවන් පිටවී සියලු දේ අළු බවට පත්වී යයි.

අඩ සඳ: ශිව දෙවියන් ඔහුගේ හිස මත චන්ද්‍රවංශය දරයි.

විභූති / අළු: ශිව ප්‍රතිමූර්තියෙන් ඔහුගේ ශරීරය අළු (භෂ්මා, විභූති) වලින් වැසී ඇත. අළු නිරූපණය කරන්නේ ද්‍රව්‍යමය පැවැත්ම සියල්ලම අනිත්‍ය බවත්, ආධ්‍යාත්මික විමුක්තිය ලුහුබැඳීම වැදගත් බවත්ය.

ඉහලට ගෙතුන කොණ්ඩය: ඉහලට ගෙතුන රැලි සහිත කොණ්ඩය රැද වීමට නාග ආභරණයක් යොදා ගනී.

නිල් උගුර: හලා හල විස පානය කර, වෙන්නට ගිය විනාසයෙන් ලෝක සත්වයා බේරා ගැනීම මෙයින් මූර්තිමත් කර ඇත‍.

යෝගී භාවනා ඉරියව්ව: යෝගී භාවනාවට බොහෝ සෙයින් ප්‍රිය වූ ශිව දෙවියන්ගේ බොහොමයක් ප්‍රතිමා නිර්මාණය කර ඇත්තේ මේ ඉරියව්වෙනි.

පූජනීය ගංගා: මහත් පූජනිය නදියක් වන ගංගා නම් නදිය දරා සිටින්නා ඔහුයි‍. ශිව දෙවියන්ගේ වරලසින් ගංගා නම් නදිය ගලා හැලෙන ආකාරය දක්වයි.

කොටි සම: කොටියෙකුගේ සමක් ගත දරා සිටින අවස්ථා මෙන්ම ඒ මත වාඩි වී සිටින අවස්ථාවන් නිරූපණය කරයි.

නාගයන්: ශිව දෙවියන්ගේ ගෙල වටා නාගභරණයෙන් සැරසී ඇත.

ත්‍රිශූලය: මැවුම්කරු, ආරක්ෂකයා, විනාශ කරන්නා යන අවස්ථාවන් මින් නිරූපණය කෙරෙයි.

බෙරය: නිශ්චිත හස්ත මුද්‍රාවක් යටතේ භාවිතා කරන්නා වූ මෙම බෙරය, නටරාජා මුද්‍රාවෙහි අත්‍යාවශ්‍ය අංගයකි.

ඕම් අක්ෂරය: ශිව දෙවියන්ගේ දකුණු අත්ලෙහි ඕම් අක්ෂරය නිරූපණය කරයි‍‍‍‍.

රුද්‍රාක්ෂ / පබළු: රුද්‍රාක්ෂ හෝ පබළු වලින් සැදුම් ලත් අත් පලදනාවන් මෙන්ම ජප මාලයකින්ද සමන්විත වෙයි. කරුණාව, යහපත් ජීවිතය සහ භාවනාවය මෙයින් සංකේතවත් කෙරෙයි.

නන්ද: ශිව දෙවියන් අසලින් ඉන්නා වූ ගවයයි. ගවයන්ගේ අධිපතියා නොහොත් පසුපති ලෙසින් ද ශිව දෙවියන් හදුන්වනු ලබයි.

කෛලාශ කූටය: ශිව දෙවියන්ගේ සාම්ප්‍රදායික වාසස්ථානයයි.

නිමි.......