Exclusive discounts on astrology services today!

කිරි අම්මාවරුන්ගේ දානය

කිරි අම්මාවරුන්ගේ දානයෙහි එන කිරි ඉතිරවීම

SPECIAL

11/12/2025

කිරි අම්මාවරුන්ගේ දානයෙහි එන කිරි ඉතිරවීම..

පිළිවෙල පෙර සුදියන් කී විලස ට

කිරි දොවලා ගෙන්නා ගෙන සැළිය ට

සිරිවන තොරණක් බන්දා නිසි කො ට

කිරි උතුරති දොර ඉරි දෙවියන් හ ට

සොද ලෙස යහනක් යහනක් කරවා එම ව ර

සොද සුවදැල් මල් පුරවා හැම ව ර

පුදවා කර රුති බුලතෙන් හැම ව ර

බැදලා පිල කිරි උතුරති දොර දො ර

මෙලෙසින් කළ ඒ ලොව සැප විග සේ

මවා අමා විලකුත් එම විග සේ

තෙමමින් සළු පටකින් එම විග සේ

ඉසිමින් පත්තිනි සෙත් කළ සතො සේ

කිරි ඉතිරවීම

කලින් සූදානම් කරගත් නැවුම් මුට්ටියක් මේ සදහා තෝරා ගන්න. මේ සදහා යොදා ගත යුත්තේ එළ කිරියි.

එළකිරි නැවුම් මුට්ටියට පුරවා හීනටි වී, කපු ඇට, හදුන් කුඩු හෝ හදුන් ලී කැබැල්ලක් හා සුනු සහල් යන මේවා ස්වල්පය බැගින් ගෙන එයට දමන්න. පස්තෙල් යෙදූ පහන් වැටි 7 ක් දල්වා කිරි අම්මාවරු එම පහන් වැටි හත දෝතින් රැගෙන කිරි ඉතිරවීමේ චාරිත්‍රය කරන ස්ථානය වටා පෙළ ගැසී සිටිය යුතු වන අතර, කිරි උතුරා යන තුරු ජය පිරිත ගායනා කිරීම වඩා යෝග්‍ය වේ. ඉන් අනතුරුව කිරි ඉතිරවීමේ කවි ගායනා කරන්න.

ගිනි ඇවිලීම පිණිසද සුදු හදුන්, රත් හදුන්, අගිල් යන තුන් වර්ගයෙන් කැබලි කිහිපයක් පාවිච්චි කරන්න. කිරි මුට්ටිය ගිනි දමා හතර වටින් කිරි උතුරා යන තුරු කටින් නොපිඹ, යමකින් පවන් සලමින් ගිනි අවුලවන්න.

කිරි ඉතිරවීමේ කවි

සළඹ සොරුගෙ අඹු මොකද කියන්නේ

තනේ කඩා තිට කවමි කියන්නේ

ඉදුල් තනේ මට කුමට කියන්නේ

තනේ කඩා රන් තැටියෙ ගසන්නේ

ගැසුවිට එනුවර ගිනිගෙන දන්නේ

බොරුවයි කී කෙනෙකුගෙ කට දන්නේ

පත්තිනි දේවිගේ තෙද දැනගන්නේ

මාලිග දා ගොස් අළු ගොඩවන්නේ

සාතා රජුගේ දියණිය විලසට

කිරි දොවලා ගෙන්නාගෙන සැලියට

සිරි ඇති තොරණක් බන්දා නිසිකොට

කිරි ඉතිරෙති දොර ඉරුදෙවි නාමෙට

සිතු ලෙස යහපත් කරවා එනුවර

සොද සුවදැති මල් පුදවා හැමවර

පුදවා කර රුති බුලතින් හැමවර

ලිප් බැදලා කිරි උතුරති දොර දොර

එවනේ දෙවියෝ එක්වූ මහිමා

පවනේ මල් වැසි වැස්වූ මහිමා

මිහිකත දොස් කී වතුරක් සේමා

මදුරා පුර ගිනි නිව්වේ මෙහෙමා

ගොසින් උයන මා අඹේ උපන්දා

යසින් නළල තිබු නෙත මැකුවෙන්දා

තෙදින් මෙසේ වෙන මෙලොව කොයින්දා

ඉතින් පතිනි දෙවි සිරිපා වැන්දා

පරසිදු පත්තිනි දෙවි නවගමුවේ

ඇද ඇර කැප්පෙව් උළුවහු කනුවේ

සොද වරකා දෙක පළගති කණුවේ

අද අප රැක දෙන් දෙවි නවගමුවේ

තෙරුවන් සරණයි.

ලිපි සැකැස්ම....

කේ. ඩී‍‍. නිරෝසී ප්‍රභාෂිණී

සෙත්කවි ශාස්ත්‍ර විශාරද

ජ්‍යොතිෂ ශිරෝමනී උපාධිදාරී

ජ්‍යොතිෂ ජගිත්‍රී ජාත්‍යන්තර

ජ්‍යොතිෂ ප්‍රභාෂ්වර

ජ්‍යොතිෂ භාෂ්කර් ඉන්දීය

මුළු දිවයිනටම සාම විනිසුරු